2022 World Coconut Day Celebration – Eheliyagoda

2022 ලෝක පොල් දිනය සැමරුම - ඇහැලියගොඩ

ඇහැලියගොඩ නගරයේ සිට තරමක් දුර බැහැරව පිහිටි කරදන සහ සමන්පුර ග්‍රාම නිළධාරි කොට්ඨාශ ආවරණය වන පරිදි good hands ක්‍රියාන්විතය විසින්, 2022 ලෝක පොල් දිනය ඵලදායී ලෙස සැමරීම සඳහා වැඩසටහන් දාමයක් සිදු කෙරුණි. මෙම වසරේ මැයි මාසයේදී අප මෙම ගම්මාන වෙත පැමිණ ව්‍යාපෘති කටයුතු සංවිධානය කිරීමේ වැඩකටයුතු සිදු කළෙමු. මාස දෙකක් පුරාවට කරදන ගම්මානයේ වැඩසටහන් සංවිධායක, වරුණිකා මහත්මිය සමග සහ ගම්මානයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවෙන් අනතුරුව, අප අගෝස්තු මස අවසානයේදී වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට හැකි විය.

කරදන ගම්මානය

මෙම වැඩසටහන වැඩසටහන් සංවිධානය කරනු ලැබූයේ ඇහැලියගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයට අනුබද්ධිත පොදු ස්ථානයකදීය. වර්ෂාව මධ්‍යයේ වුවද උක්ත ගම්වාසීන්ගේ සහයෝගිත්වයෙන් අපට වැඩසටහන පවත්වා ගත හැකි විය. මෙහිදී සුපුරුදු පරිදි, ව්‍යාපෘතිය පිළිබඳව මෙන්ම පොල් වගාව සම්බන්ධ තාක්ෂණික තොරතුරු දැනුවත් කිරීම, ගම්වාසීන් යොමු කළ ගැටළු සහ යෝජනා සාකච්ඡා කිරීම සහ good hands අත්පොත ඛෙදාහැරීම සිදු කෙරිණ. අවසානයේදී සටහනට සම්බන්ධ වූ පවුල් වෙත පොල් පැළ ඛෙදාහැරීම අප විසින් නොමිලයේ සිදු කෙරිණි. තවාන් ක්‍රියාවලිය විධිමත් ලෙස ඒ ඒ අයට දැනුවත් කිරීමෙන් අනතුරුව එම වැඩසටහන අප අවසන් කළෙමු.

ශ්‍රී සමන්පුර විහාරස්ථානය සහ දහම් පාසල

සමන්පුර ප්‍රදේශයට අයත් වන ශ්‍රී සමන්පුර විහාරස්ථානයේ මූලික කොට මීළඟ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි. ප්‍රධාන ස්වාමීන් වහන්සේ වන විමලසිරි හිමියන්ගේ ආරාධනයට අනුව විහාරස්ථාන සහ දහම් පාසල් භූමියේදී, බීජ පොල් තවාන් සහ පොල් පැළ රෝපණ කිරීමේ වැඩසටහනක්, good hands විසින් ක්‍රියාත්මක කෙරුණි. මෙහිදී විහාරස්ථානයේ වාසය කරන සාමනේර හිමියන්ගේ සහයෝගීත්වය හමුවේ සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි වුණි.

ශ්‍රී සාංඝිකාරාම මහා විහාරය

කරදන ගම්මානයට යාබදව පිහිටි ශ්‍රී සංඝිකාරාම විහාරස්ථානය මූලික වශයෙන් අප හා සම්බන්ධ වූයේ විහාරාධිපති පූජ්‍ය කරදන දම්මිස්සර හිමියන්ගේ ආරාධනයකට අනුවයි. එම විහාරස්ථානයේම වැඩවසන පූජ්‍ය මත්තල සෝමාලංකාර ස්වාමීන් වහන්සේ සහ ගම්වාසින් කිහිපදෙනකුගේ සහයෙන් පොල් පැළ රෝපණ වැඩසටහන් අප විසින් සිදු කෙරුණි.

ඇහැලියගොඩ පොලිස් ස්ථානය

ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ, ස්ථානාධිපති සිල්වා මහතා අප ව්‍යාපෘතිය වෙත සම්බන්ධ වීමට තිබූ දැඩි කැමැත්ත හමුවේ, එම පොලිස් ස්ථාන පරිශ්‍රයේ අප පොල් බීජ තවාන් කිරීම සම්බන්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි. එහිදී පොලිස් නිලධාරීන්ගේ ප්‍රසාදයට අප ව්‍යාපෘති ලක්වූ අතර පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හට ව්‍යාපෘතිය ගැන දැනුවත් කිරීම සහ අත්පොත ලබාදීම සිදු කෙරිණ. අවසානයේ දී පොල් තවානක් පමණක් පොලිස් පරිශ්‍රයේ දී අප විසින් ස්ථාපනය කරන ලද්දේ එම, පොලිස් පරිශ්‍රය දැනට අනුයුක්ත ස්ථානය තාවකාලික වූ බැවිනි.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.