ගොවි මහතෙකුගේ කතාවක්…

පොල් වගාව   කරන අය ගැන විස්තර දාන්න පුළුවන් කිව්වා නිසා මම මේ ලියුම ලියන්න හිතුවා. මම බිස්නස් එකක් හැටියට පොල් වවන්නේ නෑ . ඒත් අක්කර දෙකක විතර වත්තක් තියෙනවා මට. ඒකේ පොල් තමයි ඉන්ඳලා තියෙන්නේ .

ඉස්සර ඉදන් පොල් වැව්වා . ඒ දවස්වල නම් ආදායම් ලැබුණා හුගක්. අපේ කැමට අර ගත්තට පස්සේ ඉතුරු  විච්ච පොල් මුදලටත් වික්කා. ඒ මුදල් වලින් අපේ ගෙදරට ඕනේ තුන පහ එහෙම ගත්තා. ළමයිගේ වැඩ කටයුතු කලෙත් ඒ හම්බ වුනු ආදායමෙන් තමයි.

මට කුඹුරු කෑල්ලකුත් තියෙනවා. ඒකෙන් තමයි බත් වේල  සරි කර ගන්නේ.

මෙච්චර කාලයක් වැඩි කරදරයක් නැතුව කර ගෙන ගිය පොල් ටිකටත් දැන් කණකොකා අඩන්න පටන් අරන්. අපේ අස්වැන්න හරිම අඩුයි. මේකට ලොකුම හේතුව තමයි සත්තුන්ගෙන් තියෙන වදේ .

මයිටා වගේ පොඩි සත්තුයි කුරුමිනියෝයි අපිට වද  දෙනවා නොසැහෙන්න . ඒ වගේම දඩු ලේන්නු, රිලව්, වදුරෝ වගාව විනාස කරනවා. දඩු ලේනා ගෙඩිය හාර ගෙන වතුර බොනවා. වදුරෝ ඇට්ටි ඉදන් කඩලා හප කරනවා.

කුරුමිනියන්ගේ කරදරයත් ඉවරයක් නෑ . උනුත් පුළුවන් තරම් වදයක් දෙන්නෙ . මට මතක් වුනා ඒ දවස් වල තාත්තා කරපු දෙයක්. තාත්තා කරේ පොල් ගස් අතර ගිනි මැලයක් ගහපු එක රෑ කාලේ. ඒකට  උන් පියාඹලා ආවාද පිච්චුනාද කියලා මම දන්නේ නෑ .ඒත් එහෙම වෙන්න ඇති. ඒ මතකය තියා ගෙන මමත් කීප දවසක් ඔය වැඩේම කළා. රැ කීපයක  ගිනිමැල පත්තු කළා.එකෙන් හොඳ උත්තරයක් හම්බ වුනා.කරදරයක් වෙලා හිටිය කුරුමිණියෝ අඩු වෙලා ගියා.

ඔය වගේ විසදුම් මේක බලන අනෙත් අයවලුන් ලගත් තියෙනවා නම් මේ විධියට දාන්න අනෙක් අයටත් දැන ගන්න අපේ අත් දැකීම් බෙදා ගත්තොත් කවුරු හරි කියාවි දඩු ලේනුන්ට රිලව්ට මොනාද කරන්න පුලුවන්කියලා.

ඉස්සර වගේ අත්  උදව්වකටවත් කෙනෙක්ව ගන්නත් අමාරුයි දැන් . මේ විදියට ගියොත් නම් පොල් වලට මහා වින්නැහියක් තමයි වෙන්නේ.

මේ විනාසේ වලක්කන්න කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් ලොකු දෙයක්.  මට හිතෙන්නේ සත්තුන්ගේ කරදරේ ඔක්කොටම බලපානවා. මම කුරුමිනියන්ට කළා වගේ දේවල් අනිත් අයත් කරලා තියෙනවා නම් අපි ඔක්කොම එකතු වෙලා බෙදා ගම්මු. හැමෝම මුණ පාලා තියෙන අබග්ග බෙදා ගත්තොත් අපිට අපි අතරින්ම විසදුමකුත් හොයා ගන්න පුළුවන් වෙයි නේද ආයිබෝවන්ඩ

ආර් . දිසානායක

ගොකරැල්ල

By